Tuesday, February 5, 2013

කවිය


වදන් ගලපා තාලයකට
ලියාගන්නට බැරිව...
හිතට වද දී කොළය දෙස
රවාගෙන සිටින...
හිතේ හිරවී දුක් විඳිනා
දහසකුත් සිහින...
පේලි හතරකින් කියන්නට හැකි
එකම විදිහ...
කවිය.....

..>>~|\|~<<..

රෝස මල

රෝස මල
මනරම් තුරු උයනක් මැද පිපී දිලෙන රෝස මලකි..
හිමිදිරියේ ඇගෙ ලස්සන බලා ඉතින් මට සතුටකි..
අත දිගු කර නෙලාගන්න සිතුවත් ඇය, ලෝබ සිතුනි..
ඔබට සතුට දැනෙන කැමති තැනෙක හිඳින් රෝස කුමරි...

..>>~|\|~<<..

Saturday, February 2, 2013

ඔබටත් ජිවිතයේ සුවිශේෂ වු චරිත ඉන්නවා ද?




එක් එක් අයගේ ජිවිත වල ඔවුන්ට සුවිශේෂ වු චරිත ඉන්නවා. මේ බ්ලොක් අවකාශයේ ලියවෙන මගේ පළවෙනි ලිපිය වෙනුවෙන් මගේ හිතට හිතෙන මගේ ජිවිතයේ සුවිශේෂ වු චරිතය ගැන ලියන්න මට හිතූණා.

ජිවිතයේ සතුටම මොහොතේ ...........
ජිවිතයේ දුක්ඛිතම මොහොතේ ...........
ජිවිතයේ තනිකම , පාළුව දැනිචිචම මොහොතේ .......
ඇය මා ළඟින්ම හිටියා......................

හරි දේවල් කරනා විට ...........
එලෙසින්ම වැරදි දේ කරනා විට ...........
කළ යුතු දේ ඇතත් එය නොකෙරුන විට ...........
ඇය හරි මඟ පෙන්වා දුන්නා......................

හිතට හිතෙන්නට කරනා හැටි...........
ගතට දැනෙන්නට කරනා  හැටි............
ආදරය ගැන කියා දුන්නා...........
මගේ අම්මා......................


                                                                                ……..DK……



Friday, February 1, 2013