Tuesday, February 17, 2015


 අන්සතු පෙම






සතුට අමුණා එකිනෙක අප
කදුළු පරදා හිනැහුනු   අප
කිමද විරසක උනේ මේ ලෙස
කදුළු ගගකට දමා මගෙ සිත

යලිත් අන්සතු උනේ නුඹේ පෙම
සුසුම් අතරින් තනි උනේ   මම
පැතුම් විසිකර නිහඩ      අහසට
අහිමි කෙරුවා මට නුඹේ  පෙම


               -------------------ලක්ෂාන්--------------------------

Friday, March 28, 2014

අවුරුද්දක් ගෙවුනු ආදරේ....



"අයියේ.... මේ මම කතා කරන්නෙ..." මම සතියක් මුළුල්ලෙ බලා හිටියේ ඒ වචන ටික අහෙනකන්.. එදා කතා කරද්දි ටිකක් දුරින් ඉදගෙන වගේ කතා කරනව දනුනා වගෙ උනත් අද මගෙ ජිවිතෙ ඔයා වෙලා ගොඩක් ලන් වෙලා..  සසදි... මම ඇයව එසේ හදුන්වන්නම්..





                                                                   ඇය මට හමු උනේ පොඩි වෙලාවකට.. මුහූණත් දැක්කෙ ටික වෙලාවකට විතරයි. පරණ බිස්කට් පැකට් එකක් හින්ද‍යි ටික වෙලාවකට මොන හරි මට කියන්න පුලුවන් උනෙත්.. ටික දවසක් යන්නත් කලින් මම ඇයට ලන් වෙච්ච තරම කියාගන්න බැරි තරම්. අවුරුද්දක් ගෙවුන කියලා දන්නෙත් නැ.. කොච්චර මතකයන් මෙ කාලයේ තියෙනවාද සසදි...
                                                         ප්‍රශ්න කියන දේ ලොකුම ප්‍රශ්නයක් උනා අපිට.. එත් ඒ ප්‍රශ්න අස්සෙ ඔයා මම වෙනුවෙන් විදින දුක අමතක කරන්න බැ.. ගොඩාක් දුක් වින්දා.. විදිනවා මගේ මැණික.. එත් ඒ ප්‍රශ්න මට දැනෙන්න දෙන්නෙත් නැ.... ඔයට ගොඩාක් ආදරෙයි මගේ සුදු මැණික..
                                                                 

                               අද ඔයා එක තැනක.. මම තවත් තැනක.. ඒත් අපෙ හිත් එක තැනක රත්තරනේ... මා එක්ක වෙලාවකට තරහ වෙනවා.. අයෙත් ඉතින් මා එක්ක ආයේ යාළු වෙනවා.. කොච්චර ලස්සනද මැණික අපේ මතකයන්..ඔයා හිනා වෙලා ඉන්නව බලන එකයි මගෙ එකම සතුට.. මම ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා.. මගේ සද කුමරියේ ඔයාට විතරමයි මගෙ ආදරේ හැමදාමත් රත්තරනේ..... මගේ හිතට හිතෙන්නෙත් දැනෙන්නෙත් එක විතරමයි.. ඔයා වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නවා බබා.....

                              ……..DK……

Tuesday, February 5, 2013

කවිය


වදන් ගලපා තාලයකට
ලියාගන්නට බැරිව...
හිතට වද දී කොළය දෙස
රවාගෙන සිටින...
හිතේ හිරවී දුක් විඳිනා
දහසකුත් සිහින...
පේලි හතරකින් කියන්නට හැකි
එකම විදිහ...
කවිය.....

..>>~|\|~<<..

රෝස මල

රෝස මල
මනරම් තුරු උයනක් මැද පිපී දිලෙන රෝස මලකි..
හිමිදිරියේ ඇගෙ ලස්සන බලා ඉතින් මට සතුටකි..
අත දිගු කර නෙලාගන්න සිතුවත් ඇය, ලෝබ සිතුනි..
ඔබට සතුට දැනෙන කැමති තැනෙක හිඳින් රෝස කුමරි...

..>>~|\|~<<..

Saturday, February 2, 2013

ඔබටත් ජිවිතයේ සුවිශේෂ වු චරිත ඉන්නවා ද?




එක් එක් අයගේ ජිවිත වල ඔවුන්ට සුවිශේෂ වු චරිත ඉන්නවා. මේ බ්ලොක් අවකාශයේ ලියවෙන මගේ පළවෙනි ලිපිය වෙනුවෙන් මගේ හිතට හිතෙන මගේ ජිවිතයේ සුවිශේෂ වු චරිතය ගැන ලියන්න මට හිතූණා.

ජිවිතයේ සතුටම මොහොතේ ...........
ජිවිතයේ දුක්ඛිතම මොහොතේ ...........
ජිවිතයේ තනිකම , පාළුව දැනිචිචම මොහොතේ .......
ඇය මා ළඟින්ම හිටියා......................

හරි දේවල් කරනා විට ...........
එලෙසින්ම වැරදි දේ කරනා විට ...........
කළ යුතු දේ ඇතත් එය නොකෙරුන විට ...........
ඇය හරි මඟ පෙන්වා දුන්නා......................

හිතට හිතෙන්නට කරනා හැටි...........
ගතට දැනෙන්නට කරනා  හැටි............
ආදරය ගැන කියා දුන්නා...........
මගේ අම්මා......................


                                                                                ……..DK……